ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සඳහා යෙදුම් සකස් කිරීම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සහිත ජංගම දුරකථන ඉතාමත් වේගයෙනු ලොව පුර ජනප්‍රිය වෙමින් පවතී. එබැවින් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සදහා යෙදුම් සැකැසීම අද ලොව පුරා මෘදුකාංග නිර්මාණ ශිල්පීන් අතර බහුලව ව්‍යාප්ත වී ඇති බව පෙනේ. අන්ඩ්‍රොයිඩ් යෙදුම් සැකැසීම සඳහා බහුලව භාවිතා කරනු ලබන්නේ ජාවා පරිගණක භාෂාවයි. එබැවින් ජාවා පරිගණක භාෂාව භාවිතා කරමින් ජංගම දුරකථන සඳහා යෙදුම් සැකැසීම ඉගෙන ගැනීම මඟින් තාක්ෂණ ලොකය තුළ ඔබට නව මං පෙත් විවර කර දෙනු ලැබේ. ඇන්ඩ්‍රොයිඩ් SDK යොදා ගනිමින් සරළ යෙදුමක් සැකැසීමේ ක්‍රියාවලිය ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සකස් කිරීම සඳහා ගූගල් මඟින් ලබා දෙනු ලබන මෘදුකාංග සැකැසුම (Android Software Development Kit) භාවිතා කිරීම ඉතා පහසු වේ. එම සැකැසුම නිවැරදිව සකස් කර ගැනීමත් ඉන් අනතුරුව එය භාවිතා කර ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සකස් කර ගැනීමත් ඇතුළත් කොට සිංහලෙන් සකසා ඇති පාඩම්මාලාව නැරඹීමෙන් ඔබටත් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සකස් කිරීම ඉගෙන ගත හැකි වේ. පාඩම්මාලාවට මෙතැනින් පිවිසෙන්න.
Welcome to PCPAL

- Copyright © pcpal -- Powered by HitAds.tk - Designed by PcPal Computer -